Header Ads

Breaking News
recent

හන්තානෙට පායන සද

Kiyawala Balala Hondai Nam Yaluwontath Penna Share Karanna.




හන්තානෙට පායන හඳ
ලස්සනයි ද කියන්න
මා නොදකින ඒ පුරහඳ
ඔබට හැකිය දකින්න

අඳුරුලලා වහිනා කළ
සරසවි බිම තෙමෙන්න
කුඩේ යටින් ඔබ යන කළ
එපා තනිය දැනෙන්න

ලතා මඩුලු අතවනාවි
එපා අහක බලන්න
මා ගැන මතකය ගුලිකර
මහවැලියට දමන්න
                                       
Click Here to Download
                   ජීවිතයේ සුන්දරම අවදිය පාසල් කාලයයි. 11 වසර ඉන් ප්‍රධාන වේ. මන්ද, යහලු යෙහෙළියන් සියල්ලම එකවිට අවසන් වරට එක් වන දිනය බැවිනි. පාසල් යන සිසුන්ට කිසිම දිනෙක එම සුන්දරත්වය වැටහෙන්නේ නැත. නමුදු පාසල් යාම නතර කල විට එම අතීත මතකය සමඟ එම සුන්දරත්වය මතකයට නැගේ.
               
                   පාසල් කාලයෙන් පසු සුන්දරම කාලය සරසවි ජීවිතයයි. පාසල් කාලයෙහි පාසලේ ගතකරන සුන්දරත්වය නොවැටහුනද සරසවියේදී සරසවි ජීවිතයේ සුන්දරත්වය වැටහේ. බොහෝ දෙනාට එහි ඇතුල් වීමට වරම් නොමැත. ඔව්න් ඒ පිළිබඳව සිත් තැවුලට පත් වුවද සරසවියට ගිය අය සරසවියෙන් නික්මෙන විට ඊටත් වඩාත් සිත් තැවුලට පත් වෙයි. ඒ, එම අතිසුන්දර කාලයෙන් සමුගැනීමට සිදුවන දිනයේය. සරසවි වලට යන පිරිසෙනුත් පේරාදෙණිය සරසවියට යාමට හැකි වන්නේ සුළු කොටසකටය. එවන් රමණීය භූමියකටකට යාමටත් පින තිබිය යුතුය. ඒ වටකොට බැදී ඇති හන්තාන කදු පෙළ සරසවියට මහත් අලංකාරයක් ගෙන දෙයි. ඒ හා බැදි සාහිත්‍යය කෘති, ගීත බොහෝ ප්‍රමාණයක් ඇත.

                    Amarasiri Pheeris මහතා ගායනා කරන Hanthaneta Payana Sanda ගීතය Dammika Bandara මහතා විසින් රචිතය. එය Denistar Perera මහතා ගේ සංගීතයෙන් වර්ණවත් වී සහෘද හද මඩල සසල කරවන අනුවේදනීය කතා පුවතකි. විශ්වවිද්‍යාලයට යාමට නොහැකි වූ පෙම්වතෙක් විශ්වවිද්‍යාලයට ගිය තම පෙම්වතිය ඉලක්ක කොට ප්‍රකාශ කරන හැගීම්බර අදහස් ස්වල්පයක් මෙයට වස්තු විශය වී ඇත.

                      මෙහි පෙම්වතා වෛරයෙන් තොර ඉතා අහිංසකයෙකි. තමා වැන්නෙකු මෙවන් උගත් තරුණියක් ඇසුරු කිරීම ඇයට මදි කමක් යැයි මොහු සිතයි. තමාට දැකීමට නොහැකි හන්තාන කදු අතරින් පායන සද දැකීමට අවස්ථාව ඇත්තේ ඇයට බව ඔහු නිහතමානීව කියයි.

හන්තානෙට පායන හඳ
ලස්සනයි ද කියන්න
මා නොදකින ඒ පුරහඳ
ඔබට හැකිය දකින්න

                        සරසවිය යනු ආදරයේ තෝතැන්නකි. එහිදී ඔහුට සිය පෙම්වතිය තමා හැර යාදෝ එසේත් නැත්නම් වෙනත් පෙමක සෙවනට යාදෝයි සිතේ. ඒ සිතිවිල්ල ඊර්ෂ්‍යාවකට හරවා නොගන්නට තරම් පෙම්වතා පරිස්සම් වෙයි.




                         සරසවි බිමට පය තබන ඔහුට බැලු බැලූ අත පෙනෙන්නේ එක ම කුඩය යටින් අතිනත පටලවමින් යනෙන පෙම්වතුන්‍ ය. මොහු තම පෙම්වතියට ඇගේ කුඩය යටින් යද්දී තනිකමක් නොදැනෙන ලෙස ප්‍රාර්ථනා කරයි.

අඳුරුලලා වහිනා කළ
සරසවි බිම තෙමෙන්න
කුඩේ යටින් ඔබ යන කළ
එපා තනිය දැනෙන්න

                          සරසවියේදී ඇය හා බැදීමට කිසිවෙක් කතා කලහොත් අහක නොබලා, මග නොහැර අවශ්‍යනම් ඔහු සමග යන ලෙස තරුණයා කියන්නේ වේදනාව මුසු තදබල අනුකම්පාවෙනි. සැබැවින්ම තම පෙම්වතිය හෝ පෙම්වතා සරසවියට ඇතුලත් වනවාට අනෙකා අකමැතිය. නමුත් මෙහි තරුණයා ආත්ම පරිත්‍යාගයෙන් පෙම්වතියගේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරන සැබෑ පෙම්වතෙකි.

ලතා මඩුලු අතවනාවි
එපා අහක බලන්න
මා ගැන මතකය ගුලිකර
මහවැලියට දමන්න

                     රාගධාරි තනුවෙන් බැහැරව බටහිර සංගීතයේ ආභාසයෙන් 3_4 Beat එක අනුව Walz රිද්මයෙන් සංගීත සංයෝජනය වී ඇති අතර Lead ගිටාරය වැඩි වශයෙන් භාවිතා කොට ඇත. ඝෝෂාකාරී සංගීතයෙන් බැහැරව පද පෙලට උචිත සියුම් සංගීතයක් යොදා පද ඉතා සරල වූත් අරුත ඉතා ගැඹුරු වූත් පද මාලාව අලංකෘත කොට ඇත.

                  සමස්තයක් වශයෙන් සහෘද හද සසල කරවන සැබෑ ප්‍රේමාන්තරයක් ලෙස හැදින්විය හැක.

Allright Received © Dj VamPire Next is Coming Soon

No comments:

Powered by Blogger.