Header Ads

Breaking News
recent

ප්‍රින්ස් උදය ප්‍රියන්ත

ඒ කාලේ ඉඳලා වර්තමානය දක්වා අපේ රටේ තරුණ තරුණියන්ගේ සිත් ආදරයෙන් පිරවූ ප්‍රවීන ගායකයෙක් තමයි ප්‍රින්ස් උදයප්‍රියන්ත කියන්නේ. එවැනි වූ ප්‍රවීන ගායකයෙකු මේ වන විට ඉන්නේ රෝහලක ඇඳක් මතයි.
උණ රෝගයක් නිසා  පහුගිය දෙසැම්බර් 17 වැනිදා කරාපිටිය රෝහලට ඇතුළත් වුන ප්‍රින්ස් සතියක් විතර දැඩි සත්කාර ඒකකයේ හිටියා කියලා ඔහුගේ බාල සහෝදරිය වන ශිරෝමී ප්‍රියංගිකා gossip king වෙත කිව්වා. ඊට පස්සේ ප්‍රින්ස්ව කොළඹ නවලෝක රෝහලට ගෙනාවා වැඩිදුර ප්‍රතිකාර කරන්න. ඒ රෝහලෙත් ප්‍රින්ස් හිටියේ දැඩි සත්කාර ඒකකයේ. මේ වෙන කොට කරපු පරීක්ෂණ අනුව වෛද්‍යවරු නම් කියන්නේ ඔහුගේ මොළයට විෂබීජයක් ඇතුළු වෙලා කියලයි.
තමන්ගේ අම්මාගේ වියෝව දරාගන්න බැරි වුන ප්‍රින්ස් 2014 අවුරුද්දේ ඇතිවුන කම්පනය නිසා ඩුබායි වලදි රෝහල්ගතව ප්‍රතිකාර අරන් තියෙනවා. ඊට පස්සේ ප්‍රින්ස් ජීවත් වෙලා තියෙන්නේ තමන්ගේ සහෝදරියකගේ ගෙදරකයි.
කොහොමවුනත් මේ වෙන කොට ප්‍රින්ස් කතාකරන්නෙත් නැහැ වගේම, ඇවිදින්නේ කරන්නෙත් නැහැලු.
ඒ වගේම ප්‍රින්ස්ගේ මේ රෝගී තත්ත්වයට අවශ්‍ය එන්නත් වලට වැඩි මුදලක් වියදම් වෙලා වගේම, තවදුරටත් ඒවාට මුදල් අවශ්‍ය වෙනවා කියලා ප්‍රින්ස් උදය ප්‍රියන්තගේ බාල සහෝදරිය වන ශිරෝමී ප්‍රියංගිකා කියනවා. ඉතිං ඇය ඉල්ලා සිටින්නේ ප්‍රින්ස් උදයප්‍රියන්ත කියන මේ ආදරණීය ගායකයාගේ රසික රසිකාවියන්ට පුළුවන් නම් උදව්වක් කරන්න කියලයි.
ජනප්‍රිය ගායක ප්‍රින්ස් උදයප්‍රියන්ත මහතාට උදව් උපකාර කළ හැකි කෙනෙක් ඉන්නවා නම් එයාලට පුළුවන් ඔහුගේ බාල සහෝදරිය වන ශිරෝමී ප්‍රියංගිකාට 0769111838 කතාකරලා වැඩිදුර විස්තර දැනගන්න.
Gossip King අපේ ප්‍රාර්ථනය ප්‍රින්ස් උදයප්‍රියන්ත මහතාට හැකි ඉක්මනින් සුවය ලැබෙන්න කියලයි…..
100948803862 දරන ජාතික ඉතිරිකිරීමේ බැංකු ගිණුමට කල හැකි මුදල් උපකාරයක් වෙතොත් කල හැක.                                                           ඔබට ඉක්මන් සුව....!


                                                                                 Copy By - http://gossipking.lk/

No comments:

Powered by Blogger.